Thursday, August 9, 2012

අනේ මන්ද........ මේව කියලත් බෑ නොකියත් බෑ.........



අපි හොරෙන් කතාකරන මාතෘකාව ගැන තමයි අද අපි ප්‍රසිද්ධියේ කථාකරන්න යන්නෙ. මාතෘකාව ලිංගික අධ්‍යාපනය තහනම් වචනය ලිංගිකත්වය. අපේ පහසුවට "ලිංගිකත්වය = මිනිසා " කියල හදාගමු. මොකද එහෙම දෙයක් මේ ලෝකෙ නැත්නම් ඔබත් මමත් අපි කවුරුවත් ලොවෙත් නෑ.
පාසලක මිනිසා ගැන අධ්‍යාපනය හරියට කෙරෙනවද?
මට මතකයි අපි ඉස්කෝලෙ යනකාලෙ අපේ 9 වසරෙ සෞඛ්‍ය පාඩම් පොතේ තිබුන අහවල් පුරුශ හා ස්ත්‍රී ලිංගික පද්ධති 2ක රූප සටහනක්. අපි ඕක බැලුවෙ නිකන් අමුතු සතෙක් දිහා බලන විදියට. ඒ බැලුවෙත් හොරාට. බලල නිකන් හිටියෙ නෑ අපේ පන්තියෙ හිටපු මරුමුස් ඩයල් කලේ පන්තියෙ කෙල්ලො ගාවට ගිහින් " ඒ මෙන්න බලනො" කියල අර රූප සටහන් කෙල්ලන්ට පෙන්නපු එක. කෙල්ලො ඕක බලල අත්දෙකෙන් මූනවහන් ඉන්නව නැත්නම් "ඊ ඊ  ඊ........" කියල කෑගහනව, හරියට අතවර කරන්න හැදුව වගේ.

අපි බොහොම උනන්දුවෙන් හිටියෙ ඔය පාඩම එනකන්. ඒත් අපට සෞඛ්‍ය කල මිස් ඔය පාඩම හිතා මතා මගාරිනවග අපට තේරුණා. දවසක් අපි මිස්ට බලකෙරුව පාඩම් ඉවරනිසා අපි අද අන්තිම පාඩම කරමු කියල. මිස් බොහොම අමාරුවෙන් ගොඩක් හිමින් කාටවත් නෑහෙන්න අපට ඒ පාඩමෙන් පොඩ්ඩක් විතර එදා කලා. එච්චරයි ඊට පස්සෙ ඒගැන මිස්ගෙ නෝ කතා. (හරිනෙ ඉතින් ඒ අහින්සක මනුස්සය මොනව කරන්නද. කොච්චර උනත් ගෑණු කෙනෙක් නේ.)
අපේ අල්ලපු පන්තියට අල්ලන්න ඔන්න මෙන්න කියල තුබුනු පන්තියට සෞඛ්‍ය කලේ සර් කෙනෙක්. ඒ පන්තියටනම් ඔය පාඩම නියමෙට කරල තිබුනලු. උන් අම්බානට හිනා උනාලු.කෙල්ලො බිම බලන් හිටියලු. ඔන්න ලංකාවෙ මනුස්සයන් ගැන අධ්‍යාපනය.

ඇත්තටම වර්ථමානයේ අපට අහන්න ලැබෙන ගොඩක් දේවලට හේතුව මිනිසා ගැන අධ්‍යාපනය හරියාකාරව ලංකාවෙ ක්‍රියාත්මක නොවීමද? කියල වෙලාවකට හිතෙනව. 8,9,10 වසරවල් කියන්නෙ නවයොවුන් විය ආරම්භ වන අවස්ථාවේ සිටින පිරිසගෙන් සමන්විත වසරවල්.ඉතින් ඔය ශ්‍රේණි වල දූදරුවන්ට  (විශේෂයෙන්ම ශිෂ්‍යාවන්ට) හරියාකාරව මිනිසා ගැන අධ්‍යාපනය ලබාදිය යුතුයි කියා නිගමනය කර එම ශ්‍රේණිවල දී එවැනි පාඩම් ඇතුලත් කිරීම නම් අධ්‍යාපන බලධාරීන් ගත් නුවණැති තීන්දුවක් කියල මට හැගෙනව. නමුත් පාසල් වල ඒ පාඩම් හරියාකාරව කෙරෙනවද කියල හොයල බලන්නත් ඕන.
ආසියානු රටවල මිනිස්සු මිනිසා ගැන කතා කරන්නෙ හොර රහසෙන්, ඒ වගේම සමහර කරුණු අපේ සංස්කෘතියට ගැලපෙන්නෙත් නැතිලු. කොහොම උනත් සංස්කෘතියත් ‍රැකගෙන මිනිසා ගැන අධ්‍යාපනයත් හරියාකාරව ලබාදීම සඳහා නුවණැති ලෙස කෙ‍ටුම්පත් සකස් කිරීම සිදුකලයුතු නොවේද?

ඔබ මොකද හිතන්නෙ???????



පසු සටහන් :-  ආදරණීය පාඨකය ලිපිය මුලදී අප විසින් තහනම් වචනය ආදේශ කිරීම තුලින් ඔබගේ රසාස්වාදයට ලටපැවෙන ගතියක් ආවානම් ඒ වෙනුවෙන් මා සමාව ඉල්ලමි. එසේ කිරීමට සිදුවූයේ මෙම ලිපි අප පාසලේ සිසුන් කිහිපදෙනෙක් නරඹන බව මට ඉව වැටීමයි. කොහොම උනත් මගේ මෙව්ව එකත් ‍රැකගතයුතුය. Sorry  හොදේ.....

1 comment:

  1. aniwaryen lamai danuwath kala yuthu deyak.mewa hangana nisa thamai me rate lingika aparada wadi.

    ReplyDelete