Wednesday, April 18, 2012

ලගින් ගියොත් ඇහැක් නෑ.........


අද අපට ආසන්න යේ ඇති නගරයට ගියෙමි.
අතරමගදී යමක් දුටිමි.
එය දු‍ටු සැටියේ ඇස පිනා ගියෙමි නමුත් අවසානයේ එය පත්ව ඇති ආකාරය නිසා හද්ද දුක්ක හදවත පසාරු කරගෙන ගොස් බොක්කටම වැදුනි.
එමනිසා රිදුනි.
අහෝ! නිවාඩුව පාසලට කර ඇති හානිය.........

------------------ඉවරයි----------------------

Tuesday, April 17, 2012

දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ.....

           අනේද කියන්නෙ, අපි පුංචි කාලෙ නම් ඉස්කෝලෙ නිවාඩු දුන්නම අපට නිකන් මහමෙරක් ලැබුන වගේ තමයි. මාර ජොලි.... ඒත් දැන් නිවාඩු දීපු මුල් දවස් වලනම් අවුලක් නෑ ඒත් ටික දවසක් යද්දි නිවාඩුවත් එපා වෙනව. අයෙත් ඉස්කෝලෙ තිබුනනම් හොදයි කියල හිතෙනව.
           මේක මාර ජීවිතයක් කාලයකට එපිට අපි ගොඩක් ආසකල දේවල් කාලයකට පස්සෙ අපිට අමතක වෙනව/ එපා වෙනව. හැමදේම හැමදාම තියෙන්නෙ නෑ තමයි ඒත් හැමදේම ටික කලකින් එපාවෙන්නෙ අපි මනුස්සයො හින්ද වෙන්න ඇති. 
            මේක මාර ජීවිතයක් කාලයකට එපිට අපි ගොඩක් ආසකල දේවල් කාලයකට පස්සෙ අපිට අමතක වෙනව/ එපා වෙනව. හැමදේම හැමදාම තියෙන්නෙ නෑ තමයි ඒත් හැමදේම ටික කලකින් එපාවෙන්නෙ අපි මනුස්සයො හින්ද වෙන්න ඇති.
             බුදුහාමුදුරුවොත් වදාරල තියෙනවනේ මේ ලෝකෙ කිසිම දෙයක් ස්ථිර නෑ කියල. එහෙව් එකේ පාසල් නිවාඩුවත් අපට දැනෙන විදිය කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕන නේ.
               නිවාඩුව මට මේ විදියට දැනෙන්නෙ මම තාම ඉස්කෝලෙ යන හින්ද වෙන්න ඇති ඒත් මට හිතා ගන්න අමාරුයි පාසල් නොයන කෙනෙකුට නිවාඩුව දැනෙන විදිය.... සමහර අයෙකුට දැනෙන්නෙම නතුවත් ඇති......???????

----------ඉවරයි------------