Monday, August 6, 2012

විභාගේ තමයි අපේ අභාගේ.........




දැන් ඉස්කෝලෙත් නිවාඩු නිසා මට වැඩිය වැඩ නෑ. ඒක නිසා අද උදේ පාන්දර අම්ම හදල දීපු කිරි එකත් බීල රට නංවන්නනම් තවටිකක් නිදාගන්න ඕන කියල හිතාගෙන මම ආයෙ ඇදට වැ‍ටුන. "හා.................හා............. විභාගේ තමයි අපේ අභාගේ....." ටික වෙලාවකින් ඇහෙන්න ගත්ත. මට කරකවල අතෑරිය වගේ.  කවුද දෙයියනේ උදේ පාන්දර යමන් රාගෙ අල්ලන් කෑගහන්නෙ... ටික වෙලාවකින් කාමරේ දොර රෙද්ද ඉස්සුනා අපේ මලය හෙවත් මගේ මල්ලි ප්‍රාදූර්භූත උනා.
"ඒයි උඹ තාම නිදිද?." උදේ පාන්දර හරිම සංවර විදියට අපේ මල්ලි මගෙන් අහනව.
"නැගිටපං අද අපේ විභාගෙ. සුභ පතන්නෙ නැද්ද ආ....."
හැබෑ නේන්නං අද අ.පො.ස. උසස් පෙළ විභාගෙ පටන් ගන්නවනේ. දැන්නෙ මතක් උනේ.
"හොදට විභහගෙ ලියන්න උඹට සියළු දෙවියන්ගේ ආශීර්වාදෙ...ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන...." මම මගේ සුභ පැතුම පටන් ගත්ත.
"අන්න ..අන්න... උඹ මට කොචොක් කරනව නේ?"  මලය මට කියපි. මට තේරුනේ නෑ මූ කියන දේ.
"ඇයි මගෙ සුභ පැතීම හොද නැද්ද?"
"මට සුභපතල වැඩක් නෑ...ඕයි..... අපි විභාගෙ ලිව්වට අපේ අතේ නෙවෙයි ගේම තියෙන්නෙ. Z එක හදන අය අතේ. ඒක හින්ද මට සුභපතල මොකටද? සුභපතන්න ඕන අධ්‍යාපන බලධාරීන්ට, Z හදන අයට."
අම්මප ඇත්ත නේන්නං. ගොනා වගේ උනාට මූට දිව්‍යලෝක මොලයක් තියෙන්නෙ. හි....අයියගෙම මලය නේ....
කොහොම කොහොම හරි අපේ මලය විභාගෙ ලියන්න පිටත් උනා....එච්චරයි..... Result ආවම බලමුකො.......

අද දින ආරම්භවූ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියළු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවහිරයක් බාධාවක් නැතිව විභාගයට මුහුණ දීමටත් විභාගයෙන් පසු අවහිරයක් බාධාවක් නැතිව ප්‍රථිපල ලැබීමටත් වාසනාව ලැබේවා !!!!!!...... සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටාරක්ෂාව ලැබේවා!!!!!!!!!!!!!................

No comments:

Post a Comment