Monday, May 28, 2012

මට පරණ යාළුවකු මුණගැසුනෙමි.


මට පරණ යාළුවකු මුණගැසුනෙමි.
හලෝ.... මචං කොහොමද ඉතින්.....??????
මාව දැක්ක ගමන් මේ යකා මහ හයියෙන් අහපි. මට දෙලෝ රත්විය. මේ සිද්ධිය වනවිට මා සිටියේ මාගේ නිල රථය (ලංගම බස් රථය) පැමිණෙන තෙක් පාසල ලඟ බස් නැවතුමේය.

පූර්ණ පහසුකම් වලින් යුත් මාගේ නවතම නිළ රථ වලින් එකක්.. 
ටික වෙලාවකින් මගේ බලුප් පත්තුවිය එම එලියෙන් හිතේ කොහේදෝ අස්සක මල බැදෙමින් තිබූ පැරණි මතකයන් හොරෙන් හොරෙන් හිතට නැගුණි.
මේකා අපේ පන්තියෙ හිටියෙ 6,7 වසරවල් දෙකේම. 7 වසරෙ මැදදි එයා වෙන ඉස්කෝලෙකට හිමින් මාරුවිය. ඉන් ඉක්බිතිව මූ මට හමුවූ පළමු වතාව මෙයයි. දෙය්යෝ සාක්කි...... මූට මාව තාම මතකයි.... ඒත් මට මෙයාව අදුරගන්න විනාඩි 2ක්3ක් ගියා. මිනිහ ගොඩක් වෙනස් වෙලා... ‍රැවුල වැවිල... ඇස් මුතුයි.... කලබල පාටයි...
මම පොඩ්ඩක් කථාවට වැ‍ටුන... එතකොටයි දැන ගත්තෙ... මූ බැදල ළමයෙක් ඉන්නවලු... තවත් චන්ද ප්‍රතිපලයක් හෙට අනිද්දලු.
මම අහුව "ඉතින් මචං උබ මොනවද කරන්නෙ?"......" මොනවද මචං මම නොකරන්නෙ...ජීවත් වෙන්න කරන්න පුළුවන් හැමදේම කරනව. උබලට නම් දැන් හොදයි වගේ උබ මොනවද කරන්නෙ?".... මම කරන දේ මම මිනිහට කිව්ව ඊට පස්සෙ බස් එක ආව.

එච්චරයි.........

පසු සටහන - මට අද හමුවූ යාළුවා මගේ වයසේම (25 yrs) අපේ පන්තිවල හිටිය හොදට වැඩ කරන්න පුළුවන් වර්ගයේ (මීටරයක්) චරිතයකි. නමුත් ඔහු 7 වසරේ දී පමණ වෙනත් ලොකු පාසලකට මාරුවිය. මා දන්නේ එපමණකි... ඉන් ඉක්බිති එම ජීවිතය කෙසේ වෙනස් වූවේදැයි මට තවමත් නොතේරේ......

ඔබ මොකද හිතන්නෙ?

සැලකිය යුතුයි - මෙහි භාවිතා කර ඇති "ඌ,මූ,ඒකා,යකා,මචං" වැනි වචන එම පුද්ගලයාට අවමන් කිරීමේ කැත හිතෙන් භාවිතා නොකලෙමි. හුදෙක් යහළුවන් අතර ඇති මෙව්ව එක නිසා භාවිතා කලෙමි.



Thursday, May 24, 2012

ටියුෂන් ප්‍රශ්න පත්‍රය


ප්‍රශ්න සියල්ලටම ගැලපෙන හෝ වඩාත් ගැලපෙන පිළිතුරු ‍තෝරා ඔබේ හෘද සාක්ෂියටද හොදින් සවන්දී පිළිතුරු සපයන්න.

ටිටිටියුෂන් කිව්වම කව්ද නොදන්නෙ. මොනවටද ටියුෂන් නොදෙන්නෙ. කොතන්ද ටියුෂන් නැත්තෙ.
ආකර්ෂනීය ටියුෂන් පංති දැන්වීමක්

උපකාරක පංති එහෙම නැත්නම් ටියුෂන් පංති කොතරම් අප සමාජයේ මුල් බැසගෙන ඇත්ද යත්, ඇතැම් පාසල් වල ශිෂ්‍යයන් පාසල් දිනයන් වලත් පාසල් නොගොස් ටියුෂන් පංති සඳහා සහභාගීවන අවස්ථා ඕනෑතරම් දක්නට ලැබෙනව නොවෙද? 

01). මෙසේ වන්නේ ඇයි?
i. පාසල් අධ්‍යාපනයට වඩා ටියුෂන් පන්තිවලින් පරිපූර්ණ අධ්‍යාපනයක් ලැබෙන නිසාද?
ii. පාසල් යාමට වඩා ටියුෂන් පන්තියට යාමෙන් තම දරුවන් ගේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වනවා යැයි දෙමාපියන් සිතන නිසාද?
iii. තම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ටියුෂන් යන නිසා තමාද අනිවාර්යයෙන්  ටියුෂන් යායුතු යැයි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිතන නිසාද?
iv. පාසලේ වැඩ කරන අතරේ ටියුෂන් එකක් ද කලයුතු යැයි ගුරුවරුන් සිතන නිසාද?


02). ටියුෂන් යනු සමාජයට පිලිලයක්ද?
i. ඔව්, අනිවාර්යයෙන්ම
ii. අපෝ! කිසිසේත්ම නැත.
iii. සමහර විට වෙන්න පුළුවන්
iv. හරියට කරනව නම් වරදක්ද නැත.

03). පාසල් ගුරුවරයෙක් වුනාම ටියුෂන් කරන්නම ඕනද?
i. ඔව්, අනිවාර්යයෙන්ම
ii. අපෝ! ඒක එච්චර හරි නෑ
iii. කාලය හා හැකියාව ඇත්නම් කලාට කමක් නැත.
iv. සිසුන්ගේ අවශ්‍යතාව මත ඔවුන්ගේ ආරාධනයෙන් එකක් දෙකක් කලාට කම් නැත.

04). ටියුෂන් පංති සහමුලින්ම නවතා දැමිය යුතුයැයි ඔබ සිතන්නේ නම් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගය වනුයේ,
i. ටියුෂන් පංති පැවැත්වීම තහනම් කිරීම
ii. පාසල් සවස 3 දක්වා පැවැත්වීම
iii. දරුවන් තුල පාසල හා පාසල් අධ්‍යාපනය කෙරෙහි ධනාත්මක ආකල්ප ඇති කිරීම
iv. පාසල් අධ්‍යාපනය තවදුරටත් නවීකරණය කර දරුවන්ට හා ගුරුවරුන්ට ප්‍රියජනක ඉගෙනුම් ඉගැන්වීම් අවස්ථා වර්ධනය

05). අවසන් වශයෙන් කීමට ඇත්තේ?
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________

ඔබේ පිළිතුරු හැරෙන තැපෑලෙන් comment කරන්න. ටියුෂන් පන්තියක වටිනා පරණ කාඩ්පතක් දිනාගන්න.

ප.ලි. මම පාසලට ගිය මුල්ම දවස්වල ගොඩක් අය මගෙන් ඇහුව සර් ටියුෂන් කරන්නෙ නැද්ද කියල. ඉතින් මමත් කිව්ව ඔව් කරනව කියල (ලැජ්ජාව වහ ගන්න). මේ පඩියෙන් වැඩක් කරගන්න බොහොම අමාරුයි , ඒත් මොන හේතුවටද මන්ද මට ටියුෂන් කරන්න හිතෙන්නෙ නෑ...... ගුරුවරයෙක් උනාම ටියුෂන් අනිවාර්යයෙන්ම කරන්න ඕන කියල නීතියක් නෑනෙ...... 

අනාගතයේ මුණගැසෙමු......................

Sunday, May 6, 2012

උදේට කමු..............



ඉස්කෝලෙ පටන් අරන් සති 2ක් ගෙවිල ගියපු ඉක්මන.
අපේ කොල්ලො කෙල්ලො අවුරුදු කාල අපටත් අරන් ඇවිත්. පටන් ගත්ත දවසෙ දකින් දකින තැන වන්දනා මාන. මේක ලියන්න පටන් ගත්තෙ ඒව කියන්න නෙවෙයි. උදේ ‍රැස්වීමෙ වෙච්ච දෙයක් කියන්න.

එක දවසක උදේ ‍රැස්වීමෙ හිටපු ළමයෙක් එක පාරටම දඩාස් ගාල බිමට පතිත උනා. අපේ සර්ල ළමය උස්සන් විවේකාගාරයට ගෙනාව. මාත් පස්සෙන් පහලට ආව මොකද උනේ බලන්න. ළමය 10 වසරෙ වැඩටත් දක්ෂයෙක්. ඒ ළමයට සාත්තු කලාම සිහිය ආව. අපි ඇහුව මොකද උනේ කියල.  "එක පාරටම නිල්පාට උනා එච්චරයි මතක " එහෙම කිව්ව. අපි තවත් විස්තර ඇහුව. වැඩිය විස්තරයක් කියන්නෙ නෑ. හැබයි මෙයා මේ කලන්තෙදාල වැ‍ටුනමලු මීට කලින් මෙහෙම දෙයක් වුනේ නෑ කියල කිව්ව. අපි එයාගෙ තාත්තට කථාකලා ඇවිත් පුතාව එක්ක යන්න කියල.
පැයකට විතර පස්සෙ තාත්ත ආව. අපි විස්තරේ කිව්ව ඊට පස්සෙ ඒ ළමයගෙ තාත්ත මාර කථාවක් කිව්ව....
"අනේ සර් අපෙ කොල්ල කවදාවත් උදේට කන්නෙ නෑ, තේ එක බොනගමන් විස්කෝත්තක් කනව එච්චරයි. හැබැයි බත් එක අරන් එනව ඉන්ටර්වල් එකට කන්න." අපි ඇහුව ඔයාල උදේට කන්න බලකරන්නෙ නැද්ද කියල, "මොන බලකිරිලිද සර් කිව්වට අහන්නෙ නෑ"
කියල ඒ තාත්ත කිව්ව.


මේ වගේ සිදුවීම් බොහෝ පාසල් වලට පොදු දෙයක් .
වර්ථමානයේ බොහෝ සිසුන් උදේ ආහාරය මගහැර තමයි පාසලට එන්නෙ. ඒකෙන් වෙන්නෙ රෝගී සිසු පරපුරක් පාසල් පද්ධතියෙන් බිහිවීම පමණයි.


මෙතනදි සෘජුවම සම්පූර්ණ වගකීම පැවරෙන්නෙ දෙමාපියන් අතේ. ඔවුන් දැනගන්න ඕන තමන්ගෙ දුවට පුතාට උදේ ආහාරය ලබා දෙන්න. නමුත් දෙමවුපියන් කාර්යබහුල වීම නිසා ඔවුන් දරුවන්ගේ ජීවිත අනතුරට ලක් කරනවග පැහැදිලියි. අම්මේ තාත්තේ පුතාට දුවට උදේට හොද ආහාර වේලක් ලබා දෙන්න (හොදින් හෝ නරකින්).
උදේට ඉදි ආප්ප ගෑරුප්පුවෙන් කන ළමයින්


Wednesday, April 18, 2012

ලගින් ගියොත් ඇහැක් නෑ.........


අද අපට ආසන්න යේ ඇති නගරයට ගියෙමි.
අතරමගදී යමක් දුටිමි.
එය දු‍ටු සැටියේ ඇස පිනා ගියෙමි නමුත් අවසානයේ එය පත්ව ඇති ආකාරය නිසා හද්ද දුක්ක හදවත පසාරු කරගෙන ගොස් බොක්කටම වැදුනි.
එමනිසා රිදුනි.
අහෝ! නිවාඩුව පාසලට කර ඇති හානිය.........

------------------ඉවරයි----------------------

Tuesday, April 17, 2012

දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ.....

           අනේද කියන්නෙ, අපි පුංචි කාලෙ නම් ඉස්කෝලෙ නිවාඩු දුන්නම අපට නිකන් මහමෙරක් ලැබුන වගේ තමයි. මාර ජොලි.... ඒත් දැන් නිවාඩු දීපු මුල් දවස් වලනම් අවුලක් නෑ ඒත් ටික දවසක් යද්දි නිවාඩුවත් එපා වෙනව. අයෙත් ඉස්කෝලෙ තිබුනනම් හොදයි කියල හිතෙනව.
           මේක මාර ජීවිතයක් කාලයකට එපිට අපි ගොඩක් ආසකල දේවල් කාලයකට පස්සෙ අපිට අමතක වෙනව/ එපා වෙනව. හැමදේම හැමදාම තියෙන්නෙ නෑ තමයි ඒත් හැමදේම ටික කලකින් එපාවෙන්නෙ අපි මනුස්සයො හින්ද වෙන්න ඇති. 
            මේක මාර ජීවිතයක් කාලයකට එපිට අපි ගොඩක් ආසකල දේවල් කාලයකට පස්සෙ අපිට අමතක වෙනව/ එපා වෙනව. හැමදේම හැමදාම තියෙන්නෙ නෑ තමයි ඒත් හැමදේම ටික කලකින් එපාවෙන්නෙ අපි මනුස්සයො හින්ද වෙන්න ඇති.
             බුදුහාමුදුරුවොත් වදාරල තියෙනවනේ මේ ලෝකෙ කිසිම දෙයක් ස්ථිර නෑ කියල. එහෙව් එකේ පාසල් නිවාඩුවත් අපට දැනෙන විදිය කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕන නේ.
               නිවාඩුව මට මේ විදියට දැනෙන්නෙ මම තාම ඉස්කෝලෙ යන හින්ද වෙන්න ඇති ඒත් මට හිතා ගන්න අමාරුයි පාසල් නොයන කෙනෙකුට නිවාඩුව දැනෙන විදිය.... සමහර අයෙකුට දැනෙන්නෙම නතුවත් ඇති......???????

----------ඉවරයි------------

Thursday, November 17, 2011

පාසලේ සිට ලියමි.........


මම අද ඉස්කෝලෙ ඉදන් තමයි මේ post එක දමන්නෙ. අද මම සිංහල blog ලියන්න ලමයින්ට උගන්නන්න පටන් ගත්ත. එක්කෙනෙක් වඩේ අල්ලන් යනව. මගෙ plan එක ඉස්කෝලෙ  සිංහල  බ්ලොග් සමාජයක් පිහි‍ටුවන්න. නමුත් ඒකට මුලින්ම  අද පටන් ගත්ත වැඩේ හරියන්න ඕන.....

Friday, November 11, 2011

නිරාමිස අනන්දය

අදට මම පත්වීම අරන් ඉස්කෝලෙට ගිහින් මාස පහක් වෙනව. මට තාම දැනෙන්නෙ ඊයෙ පෙරෙදා ගියා වගේ. කාලය ඉගිලෙන ඉක්මන. මෙ දවස් ටිකට මාර අත්දැකීම් ගොඩකට මම මුහුණ දුන්නෙ. හොද වගේම හොදට වඩා නරක. අපි කෝකටත් ඔට්‍ටු නිසා යන්තන් ඔලුව බේරගෙන හිටිය. මොන දේ උනත් පොඩිඋන් එක්ක වැඩකරන එක මාරයි. නියමයි. ජීවිතේ නියම නිරාමිස අනන්දය මෙතන තියෙන වග මම මේ ටික කාලෙදි හොදින් තෙරුම් ගත්ත. සල්ලි වලට බලපුලුවන්කාරකම් වලට ගන්න බැරි නියම සතුට මේ පොඩි කොල්ලො කෙල්ලො එක්ක වැඩකරන කොට ඉබේම පොළිය විදියට ආපිට ලැබෙනව.
මම ඉස්කෝලෙ යන කාලෙ කරපු වැඩ ඒ විදියටම මම දැන් දකිනව. ඒත් දැන් මම වෙනස්. ඒ කාලෙ වගෙ ජොලියෙන් ඒව දිහා බලන්න මට දැන් බෑ. වෙලාවකට මටම හිනහයි. දෛවය මට කරන සරදමට.........ජීවිතේ මාරයි................