Sunday, May 6, 2012

උදේට කමු..............



ඉස්කෝලෙ පටන් අරන් සති 2ක් ගෙවිල ගියපු ඉක්මන.
අපේ කොල්ලො කෙල්ලො අවුරුදු කාල අපටත් අරන් ඇවිත්. පටන් ගත්ත දවසෙ දකින් දකින තැන වන්දනා මාන. මේක ලියන්න පටන් ගත්තෙ ඒව කියන්න නෙවෙයි. උදේ ‍රැස්වීමෙ වෙච්ච දෙයක් කියන්න.

එක දවසක උදේ ‍රැස්වීමෙ හිටපු ළමයෙක් එක පාරටම දඩාස් ගාල බිමට පතිත උනා. අපේ සර්ල ළමය උස්සන් විවේකාගාරයට ගෙනාව. මාත් පස්සෙන් පහලට ආව මොකද උනේ බලන්න. ළමය 10 වසරෙ වැඩටත් දක්ෂයෙක්. ඒ ළමයට සාත්තු කලාම සිහිය ආව. අපි ඇහුව මොකද උනේ කියල.  "එක පාරටම නිල්පාට උනා එච්චරයි මතක " එහෙම කිව්ව. අපි තවත් විස්තර ඇහුව. වැඩිය විස්තරයක් කියන්නෙ නෑ. හැබයි මෙයා මේ කලන්තෙදාල වැ‍ටුනමලු මීට කලින් මෙහෙම දෙයක් වුනේ නෑ කියල කිව්ව. අපි එයාගෙ තාත්තට කථාකලා ඇවිත් පුතාව එක්ක යන්න කියල.
පැයකට විතර පස්සෙ තාත්ත ආව. අපි විස්තරේ කිව්ව ඊට පස්සෙ ඒ ළමයගෙ තාත්ත මාර කථාවක් කිව්ව....
"අනේ සර් අපෙ කොල්ල කවදාවත් උදේට කන්නෙ නෑ, තේ එක බොනගමන් විස්කෝත්තක් කනව එච්චරයි. හැබැයි බත් එක අරන් එනව ඉන්ටර්වල් එකට කන්න." අපි ඇහුව ඔයාල උදේට කන්න බලකරන්නෙ නැද්ද කියල, "මොන බලකිරිලිද සර් කිව්වට අහන්නෙ නෑ"
කියල ඒ තාත්ත කිව්ව.


මේ වගේ සිදුවීම් බොහෝ පාසල් වලට පොදු දෙයක් .
වර්ථමානයේ බොහෝ සිසුන් උදේ ආහාරය මගහැර තමයි පාසලට එන්නෙ. ඒකෙන් වෙන්නෙ රෝගී සිසු පරපුරක් පාසල් පද්ධතියෙන් බිහිවීම පමණයි.


මෙතනදි සෘජුවම සම්පූර්ණ වගකීම පැවරෙන්නෙ දෙමාපියන් අතේ. ඔවුන් දැනගන්න ඕන තමන්ගෙ දුවට පුතාට උදේ ආහාරය ලබා දෙන්න. නමුත් දෙමවුපියන් කාර්යබහුල වීම නිසා ඔවුන් දරුවන්ගේ ජීවිත අනතුරට ලක් කරනවග පැහැදිලියි. අම්මේ තාත්තේ පුතාට දුවට උදේට හොද ආහාර වේලක් ලබා දෙන්න (හොදින් හෝ නරකින්).
උදේට ඉදි ආප්ප ගෑරුප්පුවෙන් කන ළමයින්


No comments:

Post a Comment