Thursday, May 24, 2012

ටියුෂන් ප්‍රශ්න පත්‍රය


ප්‍රශ්න සියල්ලටම ගැලපෙන හෝ වඩාත් ගැලපෙන පිළිතුරු ‍තෝරා ඔබේ හෘද සාක්ෂියටද හොදින් සවන්දී පිළිතුරු සපයන්න.

ටිටිටියුෂන් කිව්වම කව්ද නොදන්නෙ. මොනවටද ටියුෂන් නොදෙන්නෙ. කොතන්ද ටියුෂන් නැත්තෙ.
ආකර්ෂනීය ටියුෂන් පංති දැන්වීමක්

උපකාරක පංති එහෙම නැත්නම් ටියුෂන් පංති කොතරම් අප සමාජයේ මුල් බැසගෙන ඇත්ද යත්, ඇතැම් පාසල් වල ශිෂ්‍යයන් පාසල් දිනයන් වලත් පාසල් නොගොස් ටියුෂන් පංති සඳහා සහභාගීවන අවස්ථා ඕනෑතරම් දක්නට ලැබෙනව නොවෙද? 

01). මෙසේ වන්නේ ඇයි?
i. පාසල් අධ්‍යාපනයට වඩා ටියුෂන් පන්තිවලින් පරිපූර්ණ අධ්‍යාපනයක් ලැබෙන නිසාද?
ii. පාසල් යාමට වඩා ටියුෂන් පන්තියට යාමෙන් තම දරුවන් ගේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වනවා යැයි දෙමාපියන් සිතන නිසාද?
iii. තම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ටියුෂන් යන නිසා තමාද අනිවාර්යයෙන්  ටියුෂන් යායුතු යැයි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිතන නිසාද?
iv. පාසලේ වැඩ කරන අතරේ ටියුෂන් එකක් ද කලයුතු යැයි ගුරුවරුන් සිතන නිසාද?


02). ටියුෂන් යනු සමාජයට පිලිලයක්ද?
i. ඔව්, අනිවාර්යයෙන්ම
ii. අපෝ! කිසිසේත්ම නැත.
iii. සමහර විට වෙන්න පුළුවන්
iv. හරියට කරනව නම් වරදක්ද නැත.

03). පාසල් ගුරුවරයෙක් වුනාම ටියුෂන් කරන්නම ඕනද?
i. ඔව්, අනිවාර්යයෙන්ම
ii. අපෝ! ඒක එච්චර හරි නෑ
iii. කාලය හා හැකියාව ඇත්නම් කලාට කමක් නැත.
iv. සිසුන්ගේ අවශ්‍යතාව මත ඔවුන්ගේ ආරාධනයෙන් එකක් දෙකක් කලාට කම් නැත.

04). ටියුෂන් පංති සහමුලින්ම නවතා දැමිය යුතුයැයි ඔබ සිතන්නේ නම් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගය වනුයේ,
i. ටියුෂන් පංති පැවැත්වීම තහනම් කිරීම
ii. පාසල් සවස 3 දක්වා පැවැත්වීම
iii. දරුවන් තුල පාසල හා පාසල් අධ්‍යාපනය කෙරෙහි ධනාත්මක ආකල්ප ඇති කිරීම
iv. පාසල් අධ්‍යාපනය තවදුරටත් නවීකරණය කර දරුවන්ට හා ගුරුවරුන්ට ප්‍රියජනක ඉගෙනුම් ඉගැන්වීම් අවස්ථා වර්ධනය

05). අවසන් වශයෙන් කීමට ඇත්තේ?
___________________________________________________________________
___________________________________________________________________
___________________________________________________________________

ඔබේ පිළිතුරු හැරෙන තැපෑලෙන් comment කරන්න. ටියුෂන් පන්තියක වටිනා පරණ කාඩ්පතක් දිනාගන්න.

ප.ලි. මම පාසලට ගිය මුල්ම දවස්වල ගොඩක් අය මගෙන් ඇහුව සර් ටියුෂන් කරන්නෙ නැද්ද කියල. ඉතින් මමත් කිව්ව ඔව් කරනව කියල (ලැජ්ජාව වහ ගන්න). මේ පඩියෙන් වැඩක් කරගන්න බොහොම අමාරුයි , ඒත් මොන හේතුවටද මන්ද මට ටියුෂන් කරන්න හිතෙන්නෙ නෑ...... ගුරුවරයෙක් උනාම ටියුෂන් අනිවාර්යයෙන්ම කරන්න ඕන කියල නීතියක් නෑනෙ...... 

අනාගතයේ මුණගැසෙමු......................

5 comments:

  1. මචං මාත් ගියා එකපාරක් ටියුෂන් කරන්න..
    හම්බුන ස්ටුඩන්ට් මහ මැට්ටෙක්..මට මාසෙට තුන්දාහක් ලැබුන..දිගටම කලානං දිගටම ඒ ගාන ගන්න පුලුවනි..
    ඒත් හැමදාම පලමුවෙනි පාඩම ලගින් නවතිනවා.....ගනන් තමයි කලේ...

    අනික සල්ලි ගන්න වෙලාවට හිතෙනව අපි කරල තියෙන්නෙ සල්ලි ගන්න තරම් ලොකු දෙයක්ද කියලත්...

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වගේම වරදකාරී හැගීමක් ඇතිවෙලා තියෙනව මචන්..... සමහර වෙලාවට හිතිල තියෙනව සල්ලි මත්තෙ මෙච්චර නැහිල මොකටද කියලත්..... නැද්ද මං කියන්නෙ......

      Delete
  2. 01. ii
    02. iv
    03. iii
    04. iii & iv
    05. අපේ අම්මත් ඉස්කෝලෙක ඒ ලෙවල් වලට උගන්නන ගුරුවරියක් හින්දා මමත් මටත් කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. ඒ ඉස්කෝලේ මම දැනුවත්ව ඉන්නවා කිසිම ටියුෂන් පන්තියකට යන්නේ නැතුව කැම්පස් ගිය ළමයි කිහිප දෙනෙක්ම. ඒක ලොකුයි කියල සම්මත වෙච්ච ඉස්කෝලයක් නෙවෙයි. මට දැනෙන විදියට මේ ටියුෂන් මේනියාව ගොඩාක් දුරට තියෙන්නේ ලොකුයි කියල සම්මත වෙච්ච ඉස්කෝල වල ඉන්න ළමයින්ට.

    අදම තමයි මේ පැත්තට ආවේ. ඉස්සරහට එනවා දිගටම. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ගොඩක් ස්තුති යාළුවා.....
      අතිරේක ප්‍රශ්නයක් අහන්නන්... අර ටියුශන් නොයා කැම්පස් ගිය කොල්ලො කෙල්ලො මොන විදියටද ඉස්කෝලෙ වැඩ කටයුතු කලේ කියල දැන ගන්න කැමතියි....ගුරුවරුන් ගෙන් ඔවුන්ට ලැබුනෙ මොනවගේ සහයෝගයක්ද?........

      Delete
  3. ළමයින්ට විෂය කරුණු තේරෙන්නේ නැත්තම් ඒ අය ගුරුවරුන්ගේ ගෙදරට හරි ඇවිල්ල ඒවා අහ ගත්තා. ගුරුවරුනුත් ඒක කරදරයක් කියල හිතන්නේ නැතුව ළමයින්ට ඉගැන්නුවා. කියන්න සතුටුයි 2000 අවුරුද්දේ ඒ ලෙවල් කරපු ළමයිනුත් තවමත් අවුරුද්දට ඒ ළමයින්ගේ දරු පවුලුත් එක්ක එනවා අර ගුරුවරුන්ගේ ගෙවල් වල. ළමයි ගුරුවරු අතර එච්චර බැදීමක්....

    ReplyDelete