Monday, May 28, 2012

මට පරණ යාළුවකු මුණගැසුනෙමි.


මට පරණ යාළුවකු මුණගැසුනෙමි.
හලෝ.... මචං කොහොමද ඉතින්.....??????
මාව දැක්ක ගමන් මේ යකා මහ හයියෙන් අහපි. මට දෙලෝ රත්විය. මේ සිද්ධිය වනවිට මා සිටියේ මාගේ නිල රථය (ලංගම බස් රථය) පැමිණෙන තෙක් පාසල ලඟ බස් නැවතුමේය.

පූර්ණ පහසුකම් වලින් යුත් මාගේ නවතම නිළ රථ වලින් එකක්.. 
ටික වෙලාවකින් මගේ බලුප් පත්තුවිය එම එලියෙන් හිතේ කොහේදෝ අස්සක මල බැදෙමින් තිබූ පැරණි මතකයන් හොරෙන් හොරෙන් හිතට නැගුණි.
මේකා අපේ පන්තියෙ හිටියෙ 6,7 වසරවල් දෙකේම. 7 වසරෙ මැදදි එයා වෙන ඉස්කෝලෙකට හිමින් මාරුවිය. ඉන් ඉක්බිතිව මූ මට හමුවූ පළමු වතාව මෙයයි. දෙය්යෝ සාක්කි...... මූට මාව තාම මතකයි.... ඒත් මට මෙයාව අදුරගන්න විනාඩි 2ක්3ක් ගියා. මිනිහ ගොඩක් වෙනස් වෙලා... ‍රැවුල වැවිල... ඇස් මුතුයි.... කලබල පාටයි...
මම පොඩ්ඩක් කථාවට වැ‍ටුන... එතකොටයි දැන ගත්තෙ... මූ බැදල ළමයෙක් ඉන්නවලු... තවත් චන්ද ප්‍රතිපලයක් හෙට අනිද්දලු.
මම අහුව "ඉතින් මචං උබ මොනවද කරන්නෙ?"......" මොනවද මචං මම නොකරන්නෙ...ජීවත් වෙන්න කරන්න පුළුවන් හැමදේම කරනව. උබලට නම් දැන් හොදයි වගේ උබ මොනවද කරන්නෙ?".... මම කරන දේ මම මිනිහට කිව්ව ඊට පස්සෙ බස් එක ආව.

එච්චරයි.........

පසු සටහන - මට අද හමුවූ යාළුවා මගේ වයසේම (25 yrs) අපේ පන්තිවල හිටිය හොදට වැඩ කරන්න පුළුවන් වර්ගයේ (මීටරයක්) චරිතයකි. නමුත් ඔහු 7 වසරේ දී පමණ වෙනත් ලොකු පාසලකට මාරුවිය. මා දන්නේ එපමණකි... ඉන් ඉක්බිති එම ජීවිතය කෙසේ වෙනස් වූවේදැයි මට තවමත් නොතේරේ......

ඔබ මොකද හිතන්නෙ?

සැලකිය යුතුයි - මෙහි භාවිතා කර ඇති "ඌ,මූ,ඒකා,යකා,මචං" වැනි වචන එම පුද්ගලයාට අවමන් කිරීමේ කැත හිතෙන් භාවිතා නොකලෙමි. හුදෙක් යහළුවන් අතර ඇති මෙව්ව එක නිසා භාවිතා කලෙමි.



4 comments:

  1. ඌ හොරකං කරනව ඇති සුවර් එකටම ....
    මේ තියෙන්නෙ ලාංකීය සිතුවිලි කියල සින්ඩිකේටරයක්...ඒකට ජොයින් වෙලා බලහං..
    http://www.lankeeya.lk/

    ReplyDelete
  2. එච්චරයි......... කියල ඉවර කලාට තව සෑහෙන දේවල් කියන්න තිබ්බ..

    ReplyDelete
    Replies
    1. මගේ පල් හෑල්ල ලියල වැඩක් නෑනේ කියවන කෙනා ඕන විදියකට ඉතිරි ටික ගැට ගහගත්තාවෙ. (තම තමන්ට ඕන විදියට) නැද්ද මම කියන්නෙ??????................

      Delete