Wednesday, April 18, 2012

ලගින් ගියොත් ඇහැක් නෑ.........


අද අපට ආසන්න යේ ඇති නගරයට ගියෙමි.
අතරමගදී යමක් දුටිමි.
එය දු‍ටු සැටියේ ඇස පිනා ගියෙමි නමුත් අවසානයේ එය පත්ව ඇති ආකාරය නිසා හද්ද දුක්ක හදවත පසාරු කරගෙන ගොස් බොක්කටම වැදුනි.
එමනිසා රිදුනි.
අහෝ! නිවාඩුව පාසලට කර ඇති හානිය.........

------------------ඉවරයි----------------------

Tuesday, April 17, 2012

දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ.....

           අනේද කියන්නෙ, අපි පුංචි කාලෙ නම් ඉස්කෝලෙ නිවාඩු දුන්නම අපට නිකන් මහමෙරක් ලැබුන වගේ තමයි. මාර ජොලි.... ඒත් දැන් නිවාඩු දීපු මුල් දවස් වලනම් අවුලක් නෑ ඒත් ටික දවසක් යද්දි නිවාඩුවත් එපා වෙනව. අයෙත් ඉස්කෝලෙ තිබුනනම් හොදයි කියල හිතෙනව.
           මේක මාර ජීවිතයක් කාලයකට එපිට අපි ගොඩක් ආසකල දේවල් කාලයකට පස්සෙ අපිට අමතක වෙනව/ එපා වෙනව. හැමදේම හැමදාම තියෙන්නෙ නෑ තමයි ඒත් හැමදේම ටික කලකින් එපාවෙන්නෙ අපි මනුස්සයො හින්ද වෙන්න ඇති. 
            මේක මාර ජීවිතයක් කාලයකට එපිට අපි ගොඩක් ආසකල දේවල් කාලයකට පස්සෙ අපිට අමතක වෙනව/ එපා වෙනව. හැමදේම හැමදාම තියෙන්නෙ නෑ තමයි ඒත් හැමදේම ටික කලකින් එපාවෙන්නෙ අපි මනුස්සයො හින්ද වෙන්න ඇති.
             බුදුහාමුදුරුවොත් වදාරල තියෙනවනේ මේ ලෝකෙ කිසිම දෙයක් ස්ථිර නෑ කියල. එහෙව් එකේ පාසල් නිවාඩුවත් අපට දැනෙන විදිය කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕන නේ.
               නිවාඩුව මට මේ විදියට දැනෙන්නෙ මම තාම ඉස්කෝලෙ යන හින්ද වෙන්න ඇති ඒත් මට හිතා ගන්න අමාරුයි පාසල් නොයන කෙනෙකුට නිවාඩුව දැනෙන විදිය.... සමහර අයෙකුට දැනෙන්නෙම නතුවත් ඇති......???????

----------ඉවරයි------------

Thursday, November 17, 2011

පාසලේ සිට ලියමි.........


මම අද ඉස්කෝලෙ ඉදන් තමයි මේ post එක දමන්නෙ. අද මම සිංහල blog ලියන්න ලමයින්ට උගන්නන්න පටන් ගත්ත. එක්කෙනෙක් වඩේ අල්ලන් යනව. මගෙ plan එක ඉස්කෝලෙ  සිංහල  බ්ලොග් සමාජයක් පිහි‍ටුවන්න. නමුත් ඒකට මුලින්ම  අද පටන් ගත්ත වැඩේ හරියන්න ඕන.....

Friday, November 11, 2011

නිරාමිස අනන්දය

අදට මම පත්වීම අරන් ඉස්කෝලෙට ගිහින් මාස පහක් වෙනව. මට තාම දැනෙන්නෙ ඊයෙ පෙරෙදා ගියා වගේ. කාලය ඉගිලෙන ඉක්මන. මෙ දවස් ටිකට මාර අත්දැකීම් ගොඩකට මම මුහුණ දුන්නෙ. හොද වගේම හොදට වඩා නරක. අපි කෝකටත් ඔට්‍ටු නිසා යන්තන් ඔලුව බේරගෙන හිටිය. මොන දේ උනත් පොඩිඋන් එක්ක වැඩකරන එක මාරයි. නියමයි. ජීවිතේ නියම නිරාමිස අනන්දය මෙතන තියෙන වග මම මේ ටික කාලෙදි හොදින් තෙරුම් ගත්ත. සල්ලි වලට බලපුලුවන්කාරකම් වලට ගන්න බැරි නියම සතුට මේ පොඩි කොල්ලො කෙල්ලො එක්ක වැඩකරන කොට ඉබේම පොළිය විදියට ආපිට ලැබෙනව.
මම ඉස්කෝලෙ යන කාලෙ කරපු වැඩ ඒ විදියටම මම දැන් දකිනව. ඒත් දැන් මම වෙනස්. ඒ කාලෙ වගෙ ජොලියෙන් ඒව දිහා බලන්න මට දැන් බෑ. වෙලාවකට මටම හිනහයි. දෛවය මට කරන සරදමට.........ජීවිතේ මාරයි................

Friday, September 30, 2011

පාසලේ දවසක්

මේ ලෝකෙ කොච්චර ඉක්මන්ද?
ලෝකෙ කැරකෙන වේගෙ දිහා බැලුවම දුකේ බෑ.(දුක කැරකෙන එකට නෙවෙ අපිට ලෝකෙ කැරකෙන වේගෙන් කැරකෙන්න බැරි එකට.) කැරකෙන ලෝකෙ යහතින් ඉන්න නම් job එකක් කරන්න ඕන නේ. මම යන්නෙ මගෙ Job එක ගැන කියන්න. එතකොට මගෙ Job එක හා මේ blog එක අතර ඇති සම්බන්දෙ මොකද්ද?වැඩිය හිතන්න එපා! මම හිමින්සැරේ තේරුම් කරන්නම් කෝ......
මම කවුද? මොකක් ද ජොබ? කොහෙද වැඩ? මේව අහන්න එපා මගෙන්. ඒව වඩක් නෑ. වැඩක් තියෙන්නෙ මොකද වෙන්නෙ කියන එක නෙ?
මම මෙහෙම ලියන එක නීතියෙන් තහනම්. එත් මමත් බේරිලා නීතියත් බේරගෙන මේක Normal එකේ කරන් යන්ංකො.