Saturday, July 28, 2012

ගුටියක් කමු....


දඩුවම හා අධ්‍යාපනය



එක්තරා පාසලක ගුරුවරුන් දෙපලක් සිටී. එක් අයෙක් ළමයින්ට උපරිම කරුණාව දක්වයි. අනෙක් කෙනා පොඩි වරදටත් ඒ වරදේ ස්වභාවය අනුව දැනෙන්න දඩුවම් කරයි. නමුත් මොවුන් දෙදනාම සිසුන්ගේ පූර්ණ භක්තියට ආදරයට ගෞරවයට ලක්වේ.
මේක බලන් හිටපු වෙනත් ගුරුභවලතෙක් සමහර ළමයින්ට ආදරයත් සමහරුන්ට උපරිම දඩුවමත් ලබාදීමට පටන් ගත්තේය. ඔහොම ටික දවසක් කරන් යනවිට හදිස්සියේම පාසලට පොලීසියෙන් පැමිණියේය. කාරණාව මෙයයි, අර ගුරුවරිය එක හැන්දෙන් නොබෙදා ඒඒ සිසුවාට ඒ ඒ හැන්දෙන් බෙදීම නිසා සිසුන් කිහිප දෙනෙක් ඔවුන්ට කරන වෙනස්කම් ගැන නිවසට පැමිණිලි කර ඇත. ඉන්පසු දෙමව්පියන් ඉතිරිහරිය බලාගෙන ඇත.

මේ සිදුවීම අප පාසලට ආරංචි වුනේ ඊට දිනකට පසුවයි. ඔන්න එදා දවසේ මාතෘකාව බවට එම සිදුවීම පත්විය. එම කතාබහේ සාරාංශයක්  මා පහතින් දක්වමි.

දඩුවම අනුමත කරන පිරිස,
1. වරද දු‍ටු තැන දඩුවම් කලාට කම් නැත නමුත් දඩුවම ඒ ඒ පුද්ගලයාට අනුව වෙනස් නොවිය යුතුය.(පුදගලානුබද්ද නොවීම)
2. දඩුවම් කලාට කමක් නැත. නමුත් වරදේ ස්වභාවය අනුව දඩුවමේ ස්වභාවය තීරණය විය යුතුය.
3. දඩුවම් කල සැම විටම සංවේදනයක් සිසුවාට ලබාදිය යුතුය.
4. ශරිරික දඩුවම සෑම විටමු සුදුසුය, මානසික දඩුවම එතරම් සුදුසු නොවේ.

දඩුවම අනුමත නොකරන පිරිස,
1. දඩුවම් කිරීම නිශ්ඵලදායකය.
2. දැන් ඉන්න ළමයින්ට ගැහුවට බැන්නට දැනෙන්නේ නෑ. එයාලට ඕන දැනුම විතරයි ගුණධර්ම නොවෙයි.
3. දඩුවමක් දීම කළ යුතුමනම් මානසික දඩුවමක්  දීම සුදුසුය.
4. සිසුන්ට නිවැරදිව අවශ්‍ය දැනුම ලබාදීම ප්‍රමාණවත්ය, දඩුවම අධ්‍යාපනයට අදාල නොවේ.

නීතිය,
සිසුවකුට  දඩුවම් කිරීම කළ යුත්තේ අඩියක් දිගැති කෝ‍ටුවක් අතට ගෙන වැළමිට සිරුරට තදකර සිසුවාගේ උරයට තුන්වරක් සෙමෙන් තට්‍ටු කිරීමයි. මෙය ප්‍රංශ නීතියකි.


දෙමාපිය නීතිය,
හහ් එහෙම කොහෙද, අපේ ළමයට ගහන්න එයා කවුද.... මෙසේ කියා එක්කෝ පොලීසි යයි. නැත්නම් ගුරුවරයා පාරේයන වෙලාවක් බලා තම වාහනය ඔහුට හරස්කර හොදට නෙලා අතපය කඩා දමයි.

මට හිතෙන විදිය,
ළමයින් යනු ළමයින්ය, ළමයා ඒ වෙලාවට හිතෙනදේ කරයි. දඩුවම හෝ වෙනත් දෙයක් ගැන සිතනුයේ ඉන් පසුවය, ඇතැමුන් සිතන්නේම නැත. ගුරුවරුන් දඩුවමක් ලබා දුන්නාට කම් නැත. නමුත් අනිවාර්යයෙන්ම සංවේදනයක් ලබාදිය යුතුය. දඩුවමද නිර්මාණශීලී විය යුතුය. එවිට සිසුවාට එම දඩුවම මතකයේ ‍රැදෙනවා සේම වරද වරදක් බව වටහා ගනී. සෑම සිසුවාටම එක හැන්දෙන් බෙදිය යුතුය.
ගුරුවරයා යනු ගුරුවරයා බව සිසුවාද තේරුම් ගත යුතුය. ඔහු දඩුවමක් ලබා දුනහොත් ඒ සිසුවා යහමගට ගැනීමට බව අමතක නොකල යුතුය.

ඔබට හිතෙන  විදිය,






Images From Here

ඉවරයි....

No comments:

Post a Comment