
මම අද ඉස්කෝලෙ ඉදන් තමයි මේ post එක දමන්නෙ. අද මම සිංහල blog ලියන්න ලමයින්ට උගන්නන්න පටන් ගත්ත. එක්කෙනෙක් වඩේ අල්ලන් යනව. මගෙ plan එක ඉස්කෝලෙ සිංහල බ්ලොග් සමාජයක් පිහිටුවන්න. නමුත් ඒකට මුලින්ම අද පටන් ගත්ත වැඩේ හරියන්න ඕන.....
අදට මම පත්වීම අරන් ඉස්කෝලෙට ගිහින් මාස පහක් වෙනව. මට තාම දැනෙන්නෙ ඊයෙ පෙරෙදා ගියා වගේ. කාලය ඉගිලෙන ඉක්මන. මෙ දවස් ටිකට මාර අත්දැකීම් ගොඩකට මම මුහුණ දුන්නෙ. හොද වගේම හොදට වඩා නරක. අපි කෝකටත් ඔට්ටු නිසා යන්තන් ඔලුව බේරගෙන හිටිය. මොන දේ උනත් පොඩිඋන් එක්ක වැඩකරන එක මාරයි. නියමයි. ජීවිතේ නියම නිරාමිස අනන්දය මෙතන තියෙන වග මම මේ ටික කාලෙදි හොදින් තෙරුම් ගත්ත. සල්ලි වලට බලපුලුවන්කාරකම් වලට ගන්න බැරි නියම සතුට මේ පොඩි කොල්ලො කෙල්ලො එක්ක වැඩකරන කොට ඉබේම පොළිය විදියට ආපිට ලැබෙනව.